RHEL

Red Hat Enterprise Linux 5 (RHEL 5) තුල සිංහල ඇතුළු හාෂා 23 ක් සඳහා “ස්වෙදශීය හාෂා සහය” සපයනු ලැබේ. “ස්වෙද්ශය හාෂා සහය” හෝ Native Language Support මගින් හුදෙක්ම පරිගණක වැඩසටහනක (හෝ යෙදුමක) බහු-හාෂාමය අන්තර් ක්‍රියා හැකියාව හෝ එවැනි වැඩ සටහනක ඡාත්‍යන්තරකරණය සහ දේශීයකරණය යන දෙකම සඳහා අවශ්‍ය සියළුම පහසුකම් සැපයීම අදහස් වේ. RHEL 5 හි සිංහල හාෂාව “තාක්‍ෂණික පෙරහුරැ” හාෂාවක් ලෙස භාවිතා වේ. මෙයින් අදහස් වනුයේ Red Hat Enterprise Linux 5 හි දායකත්ව සේවාවන් මඟින් දැනට ඉහත දේශීයකරණය කටයුතු යටතේ උපකාර නොකරන කොටස් සඳහා කෘත්‍යාත්මක ව අසම්පූර්ණ විය හැකි හෙයින් ‍දේශීයකරණ උපාංග කර්මාන්තමය මට්ටමේ නිෂ්පාදන කාර්‍යයන් සඳහා හාවිත කිරීමේ නුසුදුසු වේ.. එසේ නමුදු, මෙම ලක්‍ෂණ පුළුල්ව නිරාවරණය කිරීම සහ පාරිභොගිකයාගේ පහසුව සැළසීම සඳහා ම එම ලක්‍ෂණ ඇතුලත් කොට තිබේ. නිෂ්පාදන සඳහා නොවන්නා වූ අවස්ථවන්හීඳී මෙම ලක්‍ෂණ පාරිභොගිකයාට උපකාරී විය හැක. සිංහල දේශීයකරණය තාක්‍ෂණය පූර්‍ණ ලෙස රෙඩ් හැට් හි ක්‍රියාත්මක කරවීමට පෙර එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව පාරිභොගිකයාට සිය අදහස් සහ යෝජනා නිදහස්ව පළ කිරීමට අවස්ථාව සළසා ඇත. ඉතා දැඩි ආරක්‍ෂිත හාවයක් සැළසීම සඳහා වාර්තා වී ඇති දෝෂ ලැයිස්තුව ප්‍රසිද්ධ කරනු ඇත. සංවර්‍ධන කාලය තුල දී නිපදවෙන අමතර ලක්‍ෂණ/සංරචක පරීක්‍ෂා කිරීම සඳහා භාවිතා කරන්න්නට ලබා දෙනු ඇත. අනාගත රෙඩ් හැට් සංස්කරණ වල මෙම ලක්ෂණ පූර්ණ ලෙස ස්ථාපණය කිරීම රෙඩ් හැට් හි අහිමතය වන්නේය. RHEL 5 හි පහත ලක්‍ෂණ අඩංගු වේ. 

  • RHEL 5 ස්ථාපකය ස්වදේශීය හාෂාවෙන් ද යුක්තය. ඒ අනුව අවශ්‍ය නම් ඔබේ පරිගණකයේ “සිංහල RHEL 5” ස්ථාපනය කළ හැක 
  • ස්ථාපණ උපකාරක ලියවිලි ද සිංහලෙන් ලැබේ. 
  • ස්වදේශීය හාෂාවෙන් යතුරුලියනය සඳහා වූ වඩාත් පහසු ම ක්‍රමය වන SCIM (Smart Common Input Method) මෙහි ඇතුලත් වේ. 
  • SCIM සමඟ හාවිතය සඳහා විවිධ වූ යතුරු පුවරු සැලසුම් තිබේ. 1.SCIM සිංහල 2.SCIM විජේසේකර 3.SCIM සමනළ 
  • RHEL 5 ස්වදේශීය හාෂා සංස්කරණය සමග “නිකුත් සටහන්” (Release Notes) ද සිංහලෙන් ලැබේ.
  • RHEL 5 සමග LKLUG අක්‍ෂරද (lklug.ttf) ඇතුලත් ව ඇත 

ලිව්වේ: ඩණිෂ්ක නවීන්

web page hit counter