1980 අග භාගයේදීම පරිගණකවල සිංහල භාවිතය සඳහා නොයෙකුත් ප්රයත්නයන් දරන අතර DMS ආයතනය හා මෙට්‍රොපොලිටන් ආයතනය නිපදවූ සිංහල භාවිත මෘදුකාංග ඒ අතර කැපී පෙනයි. මින් පසු විජය ග්‍රැෆික්ස් ආයතනය, ඇපල් මැකින්ටොෂ් ෆොන්ට් නිපදවූ අතර ඒවා මුද්‍රණ කටයුතු සඳහා බහුලව භාවිතා විය. ශ්‍රී ලංකාවට ක්ෂ්‍රද්‍ර පරිගණක හඳුන්වා දීමත් සමගම සිංහල භාෂාවෙන් පරිගණක භාවිතයේ අවශ්‍යතා වඩාත් දැඩි විය. කොළඹ සරසවිය රූපවාහිනිය සඳහා සිංහල අකුරු මුහුණත් සංවර්ධනය කළ අතර වසර කිහිපයක් තුල රූපවාහිනීයෙන් ත්‍රෛභාෂිකව මැතිවරණ ප්‍රතිඵල ලබා දීමට සමත් වුනි. එසේ වුව ද සිංහල අකුරු පරිගණක තුල භාවිතය සඳහා සම්මත කේතන ක්රමයක අවශ්‍යතාව මෙම කාලයේ දී හඳුනා ගන්නා ලද අතර 1985 දී ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්‍ෂණෙවේද සභාව (CINTEC- සින්ටෙක්) පිහිට වූ පසු සිංහල හා දමිළ භාෂාවලින් පරිගණක භාවිත අවශ්‍යතා පිළිබඳව කටයුතු කිරීමට කම්ටුවක් පිහිටවන ලදී.
මෙම කමිටුව නිවැරදි ව හා කඩිනමින් ක්‍රියා කොට පළමුව පිළිගත හැකි සිංහල අකාරාදිය හා අකාරාදි පිළිවෙල තීරණය කරන ලදී. මෙම කමිටුව ස්වභාවික සම්පත්, බල ශක්ති හා විද්‍යා අධිකාරිය (NARESA) මගින් පත් කළ කමිටුව සමග කටයුතු කොට “තොරතුරු තාක්ෂණය සඳහා ජාතික භාෂා යොදා ගැනීමේ කමිටුව” (Committee on Adaptation of National Languages in IT - CANLIT) පිහිටුවන ලදී. දමිළ භාෂා කටයුතු ඉන්දියාවේ කෙරෙන හෙයින් හා සම්බන්ධ කටයුතු එ වේලේ නොකෙරිනි. මෙම කමිටුවට තොරතුරු තාක්ෂණ මෙන්ම සිංහල භාෂා ප්‍රවීණයන් අඩංගු විය.
මෙම කමිටුව සැකසූ සිංහල අකාරාදිය සඳහා ස්වර 16ක්, අර්ධ ව්යාංජනාක්ෂර 2ක් හා ව්යාංජනාක්ෂර 41ක් අඩංගු වූ අතර එය සින්ටෙක්
1990 වසරේදී එළි දැක්වූ ප්රකාශනයේ අඩංගු විය. මෙම කමිටුව නව ‘ෆ’ ව්යාංජනාක්ෂරය හඳුන්වා දුනි. එහි දැක්වූ අකාරාදි පිළිවළට කමිටුව එකඟ වූ අතර එයට පහත ඡේදයේ දැක්වෙන ආකාරයට සුළු වෙනස් වීමක් ද එමගින් හඳුන්වා දුනි. තොරතුරු තාක්ෂණ හා භාෂා ප්‍රවීණයන්ගෙන් සැදි මෙම කමිටුවට අකාරාදී පිළිවෙළට එකඟ වීම සඳහා මාස ගණනක් සාකච්ඡා කිරීමට සිදු විය.
සම්මත සිංහල අක්ෂර මාලාව සැකසීම සඳහා සිංහල භාෂාවට සෑහෙන දුරට සමාන තායි භාෂාවේ අක්ෂර මාලාව පිළිබඳ අධ්‍යයනයක්, තායිලන්තයේ තාමසාට් සරසවියේ ආචාර්ය තවීසක් කොනන්ටකූල් සමග එක්ව කරන ලදී. තනි බයිටයකින් සැදි ASCII කේතන වගුවේ (ISO 646) AO සිට FF දක්වා වූ කේත පිරවිය හැකි බිටු 7කින් යුත් කේතන ක්‍රමයක් සැකසීම මෙහි අදහස විය. මෙහි ප්‍රතිඵල ලෙස යෝජනා කළ සම්මත කේතන ක්‍රමය CINTEC විසින් අනුමත කරන ලදී.
The standard code for Information Interchange - SLASCII (ස්ලස්කි) ලෙස අනුමත වූ ඉහත විස්තර කළ කේත ක්‍රමය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 1134 ලෙස 1996 වසරේදී සම්මත කර ගන්නා ලදී. මෙය පසුව සම්මත වූ යුනිකෝඩ් කේත ක්‍රමය කරා යාමට පාදක වුවද එය යුනිකෝඩ් කේත ක්‍රමය හා ආකාර කිහිපයක දී නො ගැලපුනි. ලොව බොහෝ භාෂාවන්හි අක්ෂර දැක්වීම සඳහා භාවිතා කරන යුනිකෝඩ් කේත ක්‍රමය අනුව සිංහල අක්ෂර මාලාව කේත ගත කිරීම සඳහා 1997 දී යුරෝපීය පර්යේෂකයින් කණ්ඩායමක් යුනිකෝඩ් ආයතනය (Unicode consortium) ට ISO 10646 පාදක කොට ගෙන යෝජනාවක් ඉදිරිපත් කොට තිබුණි. මෙහි සිංහල අක්ෂරමාලාව ඉතා විකෘතව දක්වා තිබූ අතර විශාල අඩුපාඩු හා වැරදි බහුලව අඩංගු විය. සින්ටෙක් ආයතනය හා කොළඹ සරසවිය මූලිකව 1997 දී සිංහල අක්ෂර මාලාව හා එයට අදාල යුනිකෝඩ් කේත ක්‍රමය පිළිබඳ යෝජනාවක් යුනිකෝඩ් වැඩ කණ්ඩායම (Unicode Working Group) ට ඉදිරිපත් කරන ලදී. මෙය 1998 වසරේදී සුළු වෙනස් වීම් කිහිපයක් සහිතව සම්මත වූ අතර එය 3 වන යුනිකෝඩ් සංස්කරණයේ අඩංගු විය. මෙයට අනුකූල වන සේ 2001 දී SLS 1134 ප්‍රමිතිය සංශෝධනය කරන ලදි. සින්ටෙක් ආයතනය විසින් මේ සඳහා සුදුසු යතුරු පුවරුව ලෙස රාජ්‍ය අංශය බහුලව භාවිතා කරන විජේසේකර යතුරු පුවරුව අනුමත කරන ලදී. ඉලෙක්ට්‍රොනික යතුරු ලියන සඳහා ‘විස්තීර්ණ විජේසේකර යතුරු පුවරුව’ ලෙස මෙය නම් කොට මේ සඳහා රජයේ අනුමැතිය ලබා ගන්නා ලදි. මෙහි ‘ෆ’ ව්යාංජනාක්ෂරය ඇතුලත් වූ අතර තවත් අමතර යතුරු ස්ථාන 3ක් හඳුන්වා දුනි.
එසේ වුවද මෙය නැවත වරක් 2002 වසරේදී යතුරු 101ක් අඩංගු යතුරු පුවරුව සඳහා සංශෝධනය කරන ලදී. මෙම කේත වගුව සහ යතුරු පුවරුවේ සැකැස්ම මුල්ම සිංහල ලිපි සැකසුම් මෘදුකාංගයක් වූ ‘වදන් තරුවෙහි’ භාවිතා කරන ලදී. ඉන්පසු කොළඹ සරසවිය නිර්මාණය කළ ත්‍රෛභාෂික මෘදුකාංගයක් වූ ‘සරසවි’යේ ද මේවා භාවිතා වුනි.
1999 දී සින්ටෙක් යටතේ වූ ‘අන්තර්ජාල කමිටුව’ ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සංවර්ධනය හා භාවිතය වැඩි නොවීමට ප්‍රධාන බාධාව ලෙස දේශීය භාෂාවලින් අන්තර්ජාල අන්තර්ගතයන් අඩු වීම බව තීරණය කරන ලදී. එසේම උසස් තත්වයෙන් යුත්, නිදහස් සහ ප්‍රමිතිගත සිංහල ෆොන්ට් තිබේ නම් සිංහල අන්තර්ගතයන් ඇති වනු ඇති බවට ද කමිටුව තීරණය කළේය. මෙහි පළමු ප්‍රතිඵලය ලෙස යුනිකෝඩ් අනුකූල සිංහල ෆොන්ට් සඳහා කමිටුවක් 2002 දෙසැම්බර් මස දී පත් කෙරිණ. මෙම කමිටුව ප්‍රධාන ක්ෂේත්‍ර 4කට අවධානය යොමු කරන ලදී. 1. සිංහල අක්ෂර මාලාව සඳහා සම්මත කේත ක්‍රමයක් 2. සිංහල යුනිකෝඩ් ෆොන්ට් නිර්මාණය 3. සම්මත සිංහල පරිගණක යතුරු පුවරුව 4. ප්‍රමිතිගත පරිගණක යෙදුම් හා උපයෝගී මෘදුකාංග නිපදවීම (උදා- අක්ෂර වින්‍යාස පරීක්ෂාව) මෙම කමිටුවට පහත සඳහන් නිලධාරීන් අඩංගු විය.
2003 වසරේදී (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය) ඉක්ටා ආයතනය ඇති කිරීමත් සමගම ඉහත කටයුතුවල වගකීම ඉක්ටා ආයතනයට පැවරුනු අතර යුනිකෝඩ් ෆොන්ට් කමිටුව එතැන් සිට භාෂා අවශ්‍යතා වැඩ කණ්ඩායම (SinhalaRequirement Committee) නමින් ක්‍රියාත්මක විය.
මෙම කමිටුව විසින් සිංහල යුනිකෝඩ් කේත ක්‍රමය දියුණු කිරීම සඳහා කටයුතු කළ අතර ඒ වන විට එහි තිබුණු පහත දැක්වෙන අඩුපාඩු සැලකිල්ලට ගන්නා ලදී.
මේ සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා අනුව නැවත 2004 වසරේදී SLS 1134 සංශෝධනය කරන ලදී.
වින්ඩෝස් 95 වැනි මෙහෙයුම් පද්ධති බිටු 8 මගින් දක්වන කේත ක්‍රම සඳහා අනුකූල වූ නමුත්යුනිකෝඩ් සඳහා ඒය සහාය නොදක්වීය. වින්ඩෝස් 2000 බිටු 16හි යුනිකෝඩ් සඳහා සහාය දැක්වූවත් සංකීර්ණ අක්ෂර එමගින් පෙන්විය නොහැක. වින්ඩෝස් XP යුනිකෝඩ් හරහා සංකීර්ණ අක්ෂර දැක්වුව ද අක්ෂර ඇතුල් කිරීමේ (input method) අඩුපාඩු තිබුණි.
යුනිකෝඩ් සහාය ලබා ගැනීමට වින්ඩෝස් විසින් යොදා ගන්නා යුනිස්ක්‍රයිබ් යුනිකෝඩ් ස්ක්‍රිප්ට් ප්‍රෝසසරය භාවිතා කරයි. එය ඇතුලත් කොට මයික්‍රොසොෆ්ට්, මයික්‍රොඉමේජ්, එක්සත් ප්රවෘත්ති සමාගම, කොළඹ සරසවියේ පරිගණක අධ්‍යනායතනය හා එක්ව ඉක්ටා මගින් වින්ඩෝස් XP තුල සිංහල යුනිකෝඩ් එතුල නිවැරදිව පණ ගැන්වීමට යොදා ගත හැකි මෘදුකාංගයක් 2005 දී නිකුත් කරන ලදී. මෙ මගින් යුනිකෝඩ් භාවිතයේ වින්ඩෝස් XP තුල තිබූ ගැටළු සමනය විය. වින්ඩෝස් XP හි තිබූ ගැටළු කිහිපයක් වින්ඩෝස් විස්ටා තුලටද රිංගා තුබූ අතර 2007 ජූලි මස එය නිවාරණය සඳහා මයික්‍රොසොෆ්ට් සමාගම ඉක්ටා හි සහයෝගයෙන් මෘදුකාංගයක් නිකුත් කරන ලදී.
2004 වසරේදී මයික්‍රොසොෆ්ට් නිපදවූ ඉස්කෝල පොත නැමැති ෆොන්ටය වින්ඩෝස් සඳහා වූ සිංහල මෘදුකාංගවල මූලික ප්‍රධාන ෆොන්ටය ලෙස භාවිතා වූ අතර එය SLS 1134 හි අකුරු දැක්වීමට ද භාවිතා කරන ලදි.
ලිනක්ස් පාදක සියලු මෙහෙයුම් පද්ධති 2004 වසරේ සිට ක්‍රමානුකූලව සිංහල සහාය දැක්වීමට පටන් ගන්නා ලදී.
ඔෆිස් XP 2005 දීත් ඔෆිස් 2007 නිකුත් කළ වහාමත් සිංහල යුනිකෝඩ් සහාය දැක්විය. ඕපන් ඔෆිස් 2005 සිටම සිංහල යුනිකෝඩ් දැක්විය.
2006 වසරේදී සිංහලෙන් පරිගණකකරණය සඳහා “කපුටා” අකුරු සැපයූ ඉෆියුෂන් සමාගමේ මූලිකත්වයෙන් ගූගල් සිංහල යුනිකෝඩ් සමූහය ආරම්භ කරන ලදි. මෙමගින් සිංහල යුනිකොඩ් හා අදාල කරුණු සාකච්ඡා කෙරේ.
10. www.fonts.lk වෙබ් අඩවිය හා www.siyabas.lk වෙබ් අඩවිය
සිංහල යුනිකෝඩ් සහාය ලබා ගැනීමට අවශ්‍ය තොරතුරු සහ මෘදුකාංග ශ්‍රී ලාංකික ජනතාවට ලබා දීම පිණිස fonts.lk 2004 වසරේදී ඉක්ටා වෙනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනාංශය විසින් පිහිටුවන ලදී. සිංහල යුනිකෝඩ් මෘදුකාංග ලබා දෙන ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස වසර කිහිපයක් ම fonts.lk ක්‍රියා කළ අතර 2007 වසරේ දී ඉක්ටා ආයතනය ශ්‍රී ලාංකික යුනිකෝඩ් ප්‍රජාවේ සහයෝගයෙන් භාෂා ත්‍රයෙන්ම www.siyabas.lk , www.locallanguages.lk හා www.emathumozhihal.lk ලෙස වෙබ් අඩවි 3ක් එළි දැක්වීය.