සිංහල යුනිකෝඩ් යතුරුලියනය සඳහා සැකසුණු නොමිලේ, ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා, වෙබ් මාධ්‍යයෙන් ලබා දෙන මෘදුකාංගයකි. මෙය සිංහල යුනිකෝඩ් ප්‍රචලිත කිරීම සඳහා ප්‍රජා මට්ටමේ කටයුතු රාශියක් ඉටු කොට ඇති ඉ-ෆියුෂන් සමාගමේ නිපැයුමකි. මෙය විජේසේකර මෙන්ම ස්වරානුකූල කපුටා යතුරුපුවරු භාවිතයෙන් යුනිකෝඩ් අකුරු යතුරුලියනයට පහසුකම් සපයයි. මෙහි ඒකල පරිගණක සඳහා මෙන්ම වෙබ් සංස්කරණයක්ද පවතී. මෘදුකාංග ලබා ගැනීමට හා වැඩිදුර විස්තර සඳහා පහත දැක්වෙන සබැඳි බලන්න.
කපුටා යුනිරයිටර් වෙබ් සංස්කරණය www.kaputa.com/uniwriter
නිපැයුම්කරු: ඉ-ෆියුෂන් සමාගම www.sinharaja.com
ලිව්වේ: නිරංන්ජන් මීගම්මන